ලංකාවෙ ගොඩක් අය දන්නෙ Samsung කියන්නෙ Electronic බඩු හදන Company එකක් කියලනෙ. Samsung එකෙන් හදන්නෙ ඒව විතරක් නෙමෙයි, ලෝකයේ නැව් හදන Company වලින් ඉහළම තැනක Samsung ඉන්නව (Samsung Heavy Industries), දැනට තියෙන ඉහළම ඉදිකිරීම් Company එකකුත් Samsung සතුයි (Samsung C&T), Insurance Company එකකුත් තියෙනව (Samsung Life Insurance), ඒ වගේම Advertising Agency එකකුත් තියෙනව (Cheil Worldwide).
අපි දැන් Samsung Phone ගැන කතාකරමු,
Samsung Phone එන්නෙ එක රටකින් විතරක් නෙමෙයි, Korea, US, Canada, Japan, China, Vietnam කියන රටවල් වලින් එනව. මේ ඔක්කොම Original තමයි. ගොඩක් අය කොරියන් කියන නමට රැවටිලා Fake Copy අරන් අමාරුවෙ වැටිල Samsung International Version විතරයි Original කියල කියන අයත් ඉන්නව.
පහතින් තියෙන විදියට තමයි මේ එක එක Version වල Model Numbers පටන්ගන්නෙ,
- International Version- GT-Ixxxx (ඒත් Galaxy S5, Note 3 වගේ Phone වල මේ විදියට Model Number පටන්ගන්නෙ නෑ
- Korean Version- SHW-Mxxxx, SHV-Exxxx
- US/ Canada Version- SGH-Ixxxx
- Japan Version- SC-xxx
මේ ඔක්කොම Version ටික Original තමන්ගෙ කැමැත්ත අනුව එකක් තෝරගන්න පුලුවන්. ඒත් මේ Model Number වලින් Originalද කියල බලගන්න බෑ. ගොඩක් Copy එන්නෙ නම් International Model Number එකෙන්. මං මේ Post එක දැම්මෙ Samsung Company එක ගැන පොඩි දැනුමක් දෙන්න.
තවත් Post එකකින් හමුවෙමු.
අපේ Facebook Page එකටත් Like එකක් දාලම යන්න.
Facebook Page



No comments:
Post a Comment