ලංකාවේ Samsung Phone වලට Authorized Dealersලා ඉන්නවා. ඒ තමායි Singhagiri (Pvt) Ltd සහ John Keells Office Automation (Pvt) Ltd. මේ පහල තියෙන්නේ එයාලගේ වෙබ් අඩවි වල Links
singhagiri.lk
jkoa.com/
මෙයාලගෙන් ඔයාල ගන්න ඉන්න Samsung Phone එක මිලදී ගන්නවානම් Company Price එක Company Warranty එක්ක ගන්න පුළුවන්. එතකොට ඉතින් පරණ Model එකක උනත් ගාන ගොඩක් වැඩි, ඒ මොකද Company Price එක ලේසියෙන් අඩුවෙන්නේ නැති දෙයක් නිසා.
Sony ගැන බැලුවොත් දැනට තියෙන තොරතුරු අනුව Metropolitan තව දුරත් Sony Products වල Authorized Dealer නෙමේ. එයාල එකෙන් අයින් වෙලා තියෙන්නේ. මේ තියන්නේ එයාලගේ වෙබ් අඩවිය -
mcentre.lk
අපි හැමෝම හොයන්නේ අඩු ගානක් දීල කඩේ තියෙන හොදම Phone එක අරන් එන්නනේ . එක නිසා දැන් බලමු අපි කඩ වල කොහොමද මෙයාල අඩුවට Phone දෙන්නේ කියල.
මේ Mobile Planet, Idealz Lanka, Divine, Orange Mobile, Qtel, M1, Premiermobile ආදී මේ හැම කඩේකම ඔය අඩුවට දෙන Phones ගෙන්නන්නේ එක්කෝ ඩුබායි නැත්තම් Singapore Market එකෙන්.
මේ තියෙන්නේ Xperia Z1 එකේ Company Price එක ඇවිත් Pounds 479, ලංකාවේ මුදලින් ඕක ඇවිත් වෙනවා 105,820 එත් ඕක ලංකාවේ Rs. 60,000 කට ගන්න පුළුවන්. මේක මෙහෙම වෙන්නේ කොහොමද
Singapore Market එකේ මේ Phone එකේ Price එක ඇවිත් Singapore Dollars 500 ඉදන් 600 දක්වා Range එකේ තියෙනවා. Sony Offical Web Site එකේත් මේ Phone එකේ Price එක Singapore වල ඇවිත් SGD 798.00 වෙන්නේ, එකත් යුරෝපා Market එකේ Price එකට වඩා ගොඩක් අඩුයි මොකද මේ Phone වලට Shipping Cost, Port Levy, Taxes, Shipping එකතු වෙලා නැති නිසා.
Singapore Marcket
ඉතින් යම් කිසි පුද්ගලයෙක් එහෙන් Z1 දහයක් එක පාර මිලට ගත්තොත් මේ Phone එකක් කොච්චර අඩුවට ගන්න පුළුවන්ද, එක Phone එකකින් Rs 15000ක් තියන් වික්කොත් පාඩුයි ද??
අපේ රටට Sealed Packed Phone එක පාර ගොඩක් ගේන්න බෑ, ඉතින් මෙයාල කරන්නේ එයාල එහෙදීම Phone වල Packing කඩල Phone Check කරලා බලනවා ලෙඩ තියේද කියල ඊට පස්සේ Boxes ටික වෙනම එවනවා, Phone දහය එකට තියෙල Rubber Band එකකින් බැදගෙන අරන් එනවා. එහෙම ගෙනාවම මෙහෙ Tax වදින්නේ නැහැනේ.. Use කරපු Electronic Device එකක්නේ ගේන්නේ .ඉතින් මෙහාට ගෙනාවම මෙහෙදී Phone වල IMEI Numbers බලලා Phone අදාල Box වලට දාල, තමන්ගේ Shop වල Warranty එක්ක විකුණනවා. මෙයාල ගොඩක් වෙලාවට 1 Year Hardware Warranty, 2 Year Software Warranty දෙන්නේ මෙයාලට එහෙ කඩවලින් ගොඩක් වෙලාවට මේ Phone වලට Warranty හම්බු වෙන නිසා.
- දැන් බලමු ඔයාල Sealed Pack නැති Phone එකක් ගන්න කොට මොනවද කරන්න ඕනි කියල.
මං යාලුවෙක් එක්ක Phone එකක් ගන්න ගියොත් මෙන්න මේ ටික අනිවාර්යෙන් ම කරනවා. ඔයාලත් මේ ටික අනිවාර්යෙන්ම කරලා, දෙන ගානට හොදම Phone එකක් ගෙදර අරන් එන්න,
01. Phone එකේ අපි ඉස්සෙලම Dead Pixels, Sound, Camera, Vibration මේ හැම එකක් ම Check කරන්න ඕනි. එකට හරිම ප්‍රසිද්ද Code තියෙනවා Samsung, Sony, HTC, LG වලට
- ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*#
- ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#*
- ගන්න යන්නේ HTC එකක් නම් - *#*#3424#*#*
- ගන්න යන්නේ LG එකක් නම් - 3845#*ModelNumber# (උදා:LG P970 නම් 3845#*970#)
මේ Code Keypad එකේ Type කරලා LCD, Speaker, Camera මේ සියලුම Test Run කරලා බලන්න.
02. Phone එකේ Box එකේ IMEI Number එක බලන්න, ඊට පස්සේ Phone එකේ IMEI Number එක බලන්න,
IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම Phone එකකට අදාලයි)
Phone එකේ Box එකේ IMEI Number එකයි Phone එකේ IMEI Number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ http://www.imei.info/ වෙත ඔබේ අතේ වෙන Phone එකකින් හරි, මේ Phone එකෙන්ම හරි කමක් නෑ කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ Type කරලා Phone එකේ Details බලාගන්න. (එතෙන්දි ඔබට Original Manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්).
3. ඔයා කියන්න Shop එකේ අයට Shop එකේ Wi-Fi On කරන්න කියල. ඊට පස්සේ Phone එකේ ඉන්ටෙර්නෙට් Connect වෙලා Google Play Store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark App එක Download කර ගෙන Install කර ගන්න. (විවිද Benchmark Apps තියෙනව ඒත් මං නම් Use කරන්නෙ ඕක).
ඊට පස්සේ App එක Rrun කරලා අන්තිමට පෙන්නන My Device එකේ Score එක බලන්න. ඔයාට දැන් පෙන Score එකයි , ඔයා ගෙදරදී Youtube එකේ Review Videos බලලා ගියාම ඒවගේ තිබ්බ Score එකයි බලන්න. ඔය Score එක ඒහා සමාන ගණනක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. (එහෙම Youtube Video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම Bench Mark Test Video එකක් බලලා Score එක මතකතියන් යන්න)
ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් Phone ඒකේ Accessories ඒ කිව්වේ, Headset, Charger වැඩද කියල බලලා Phone එක ගෙදර අරන් එන්න.. මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... Phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න Phone එකට අදාලව Screen Protector එකක් සහ ලස්සන Pouch එකක් ebay එකෙන් Order කරන්න. මෙහෙ කඩවල ඕව පට්ට ගණන්.
උපුටා ගැනීම elakiri.com එකේ kevin37ගෙන්
ඔන්න ඕකයි Phone එකක් ගන්නකොට වෙන්න ඕන. වැඩක් වුනා නම් Comment එකක් දාලම යන්න.


No comments:
Post a Comment